1939 Hotline
  1. Home
  2. /
  3. ප්‍රධාන අංශය
  4. /
  5. ටෙන්ඩර් සහ කොන්ත්‍රාත් අංශය

ටෙන්ඩර් හා කොන්ත්‍රාත් අංශය පිළිබඳ තොරතුරු

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ (NWSDB) ටෙන්ඩර් හා කොන්ත්‍රාත් අංශය, භාණ්ඩ වැඩ සහ සේවා කාර්යක්ෂමව සැපයීම, ලබා ගැනීම සහතික කරමින් දෙපාර්තුමේන්තු ප්‍රසම්පාදන කමිටු මට්ටමින් සියලුම ප්‍රසම්පාදනයන් කළමණාකරනය කිරීමේ වගකීම දරනු ලබයි. විදිමත්, විනිවිදභාවයෙන් යුතු වගවීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සඳහා ටෙන්ඩර් හා ක්‍රොන්ත්‍රාත් අංශ‍යේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර මෙම අංශය ඍජුවම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේහි සාමාන්‍යාධිකාරිතුමන් යටතේ, සහකාර සාමාන්‍යාධිකාරි (ටෙන්ඩර් හා කොන්ත්‍රාත්) විසින් ඉංජිනේරුවරුන් හා අනෙකුත් කාර්යමණ්ඩලයේ සහය සහිතව මෙහෙයවනු ලැබේ‍. ප්‍රසම්පාදන ක්‍රියාවලීන් කාර්යක්ෂමව සහ අදාළ නීති, රෙගුලාසි සහ ප්‍රතිපත්තිවලට පූර්ණ අනුකූලව සිදු කිරීම සහතික කරයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ බාහිර ආයතන (සැපයුම්කරුවන්, කොන්ත්‍රාත්කරුවන් සහ සේවා සපයන්නන් වැනි) අතර ප්‍රධාන සම්බන්ධයක් ලෙස ටෙන්ඩර් හා කොන්ත්‍රාත් අංශය ක්‍රියා කරයි. සමස්ත ප්‍රසම්පාදන චක්‍රය පුරාම සුමට හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් සහතික කරයි. තව දුරටත් අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව (MPC), ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු (HLPC) සහ ස්ථාවර ඉහළ මටිටමේ ප්‍රසම්පාදන කම්ටුව (SHLPC) වලට අදාළ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධව අමාත්‍යංශය සමඟ සම්බන්ධීකරණය කිරීමද සිදු කරනු ලැබේ.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නිවැරදිව අනුගමනය කරන ආයතනයක් බවට ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පත්කිරීම.

නිවැරදි ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරමින් කාර්යක්ෂමව හා එකමුතුව වැඩකිරීමෙන් ප්‍රමාදයෙන් තොරව කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම මඟින් මණ්ඩලයේ මෙහෙවරට සහාය දැක්වීම.

ටෙන්ඩර් සහ කොන්ත්‍රාත් අංශයේ ප්‍රධාන වගකීම් :

  • මෙම අංශය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මෙහෙයුම් සහ ව්‍යාපෘති සඳහා අවශ්‍ය භාණ්ඩ, වැඩ සහ සේවා සැපයීමට අදාළ සියලුම දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු (DPC) මට්ටමේ ප්‍රසම්පාදන ක්‍රියාකාරකම් අධීක්ෂණය සහ කළමනාකරණය සිදු කරයි. ලංසු ඇගැයීම් කමිටු (BECs) පත් කිරීම, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව DPC වෙතින් ලංසු කැදවීමේ අනුමැතිය ලබා ගැනීම, ප්‍රසම්පාදන ප්‍රකාශනය, ප්‍රසම්පාදන ලේඛන නිකුත් කිරීම, ලංසු විවෘත කිරීම, අතිරේක / පැහැදිලි කිරීම්/ කාල දිගු නිකුත් කිරීම, ලංසු ප්‍රදානය කිරීම / ලංසු නැවත කැඳවීම / ලංසු අවලංගු කිරීම සඳහා DPC අනුමැතිය ලබා ගැනීම, ගිවිසුම් සකස් කිරීම සහ අත්සන් කිරීම මෙයට ඇතුළත් වන අතර එක් එක් ටෙන්ඩරය සඳහා සවිස්තරාත්මක ලියවිල්ලක් පවත්වාගෙන යාමද සිදු කරනු ලැබේ.
  • අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව (MPC)/ ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව (HLPC) සහ ස්ථාවර ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව (SHLPC) සඳහා අමාත්‍යාංශය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය කිරීම සිදු කරයි.

මාධ්‍ය / ප්‍රචාරණය :

ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති පත්‍රවල පුවත්පත් දැන්වීම්

ශ්‍රී ලංකාවේ ගාලු පාර රත්මලානේ, පිහිටි අපගේ ප්‍රධාන කාර්යාලයේ ස්ථාපිත කර ඇති මණ්ඩලයේ ටෙන්ඩර් සහ කොන්ත්‍රාත් අංශය මගින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හසුරුවනු ලැබේ. මෙම අංශයේ ප්‍රධානත්වය දරනු ලබන්නේ සහකාර සාමාන්‍යාධිකාරී (ටෙන්ඩර් සහ කොන්ත්‍රාත්) විසිනි. දු.ක අංකය +94 11 2605328 වේ. අපගේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් විනිවිදභාවයකින් යුතු මුදල් සඳහා නිසි වටිනාකම ලබා දීම නිර්මාණය කර ඇත.

ප්‍රදානය කරන ලද කොන්ත්‍රාත් විස්තර

ටෙන්ඩර් සහ කොන්ත්‍රාත් අංශය විසින් ලංසු ප්‍රදානය කිරීම අවසන් වූ පසු එය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වෙබ් අඩවියේ පළ කරනු ලැබේ.

වත්මන් ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ තොරතුරු


ජා.ජ.ස.හා.ජ මණ්ඩලයේ වෙබ් අඩවියේ ටෙන්ඩර් දැන්වීම් බැලීමට කරුණාකර
‘plus icon’ ක්ලික් කරන්න.

ඔබ ලංසුව ගැන උනන්දුවක් දක්වන්නේ නම්, ඔබට ගාලුපාර, රත්මලාන ප්‍රධාන කාර්යාලයේ ටෙන්ඩර් සහ කොන්ත්‍රාත් අංශයට පැමිණ ආපසු නොගෙවන ටෙන්ඩර් ගාස්තුව ගෙවා ලංසු ලේඛන ලබා ගත හැක.

සාමන්‍ය ප්‍රසම්පාදන තොරතුරු

  • ව්‍යාපාර ලිපි ශීර්ෂයක ලේඛන සඳහා ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු සහ අවශ්‍ය ‘‘ආපසු නොගෙවනු ලබන මුදල’’ ගෙවීමෙන් අනතුරුව  ප්‍රසම්පාදන ලේඛන නිකුත් කරනු ලැබේ.

  • සාමාන්‍ය වැඩ කරන වේලාවන් තුළ ලංසු ලේඛන නිකුත් කරන ස්ථානයේ දී ලංසු ලේඛන නොමිලේ පරීක්ෂා කළ හැක.

  • සාමාන්‍ය වැඩ කරන දිනයන්හි දී පැය 09:00 සිට පැය 15:00 දක්වා කාලය තුල ලංසු අවසන් කරන දිනට පෙර දින දක්වා ලංසු ලේඛන මිලදී ගත හැක.

  • ලංසු භාර ගැනීම අවසන් වූ වහාම, ලංසුකරුවන්ගේ බලයලත් නියෝජිතයන් ඉදිරියේ ලංසු විවෘත කිරීම සිදු කරනු ලබන අතර ප්‍රමාද වී ලැබෙන ලංසු විවෘත නොකරම නැවත ආපසු හරවා යවනු ලැබේ.

  • ලංසුකරුවන්ට ලබා දී ඇති උපදෙස් සහ අදාළ ලංසු ලේඛනයේ ලංසු කොන්දේසි වල දක්වා ඇති පරිදි, අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික හැකියාවන් ඔවුන් සතුව ඇති බවට සහතික වන ලෙස ලංසුකරුවන්ට උපදෙස් දෙනු ලැබේ.

 

ඇමතුම් විස්තර

Tenders & Constructs Section 
National Water Supply & Drainage Board
Head Office, Galle Road, Ratmalana
 
Tel: 011-2605328
Fax: 011-2635885
Email: agmtndc2019@gmail.com
 
Assistant General Manager
Ms. A.K. Manori
 
Tel: 011-2605328 / 1160
Fax: 011-2635885
Email: agmtndc2019@gmail.com