1939 Hotline
  1. Home
  2. /
  3. දැනුම්දීම

දැනුම්දීම

දීප ව්‍යාප්ත පාසල් තරගාවලිය

ලෝක ජල දිනය 2025

1992 දෙසැම්බරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කර ගත් යෝජනාවකින් අනතුරුව සෑම වසරකම මාර්තු මස 22 වන දින ලෝක ජලය සඳහා දිනයක් ප්‍රකාශයට පත් කරන ලදී. 1993 දී පළමු ලෝක ජල දිනය සමරනු ලැබීය එහි තේමාව වූයේ “මිරිදිය ජලයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සහ ජලයේ තිරසාර පැවැත්ම කළමණාකරණය වෙනුවෙන් පෙනී සිටීමයි”. ජලය මානව අයිතිවාසිකමකි එහෙත් ලෝක ජනගහනයෙන් බිලියන 2.2කට ආසන්න ජනතාවක් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය නොමැතිව ජීවත් වන අතර ඔවුන්ගේ ජීවිත වල සහ සමස්ත සමාජයේම අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත් වී ඇත .එම නිසා ලෝක ජල දිනය සැමරීමේ අරමුණ පවතින ජලය ආරක්ෂිත කිරීම සඳහාත් ජල දූෂණය සහ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමේ අනාගත වැඩපිළිවෙල පිළිබඳ පුළුල් කතිකාවකට එලැබීමත්ය. මේ අතර පිරිසිදු සෞඛ්‍යාරක්ෂිත ජලය නොමැතිකම දිළිදු බවේ සංකේතයක් වී තිබීම ඉතා කණගාටුදායක තත්ත්වයකි. මෙවර ලෝක ජල දින සැමරුම වෙනුවෙන් අවධානය යොමු වී ඇත්තේ තිරසාර ජලය සහ අපජලය කළමණාකරණය: නවෝත්පාදන, පර්යේෂණ, ඩිජිටල්කරණය සහ අනාගතය සඳහා ඔරොත්තු දීමේ හැකියාව හරහා යන මැයෙනි.

පාසල් තරග සදහා තේමාව – “තිරසාර ජලය සහ අපජලය කළමණාකරණය: නවෝත්පාදන, පර්යේෂණ, ඩිජිටල්කරණය සහ අනාගතය සඳහා ඔරොත්තු දීමේ හැකියාව”

• රචනා තරගය නිර්මාණ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍යවලින් ඉදිරිපත් කළ හැකි අතර වචන 350ට නොවැඩි විය යුතුයි. කනිෂ්ඨ හා ජේ‍්‍යෂ්ඨ අංශ ලෙස ඉදිරිපත් විය හැක. • චිත්‍ර තරගය නිර්මාණ 17” x 23” ප්‍රමාණයට සැලසුම් කළ යුතුයි. ඕනෑම වර්ණ මාධ්‍යයක් භාවිත කළ හැකිය. කනිෂ්ඨ හා ජේ‍්‍යෂ්ඨ අංශ ලෙස ඉදිරිපත් විය හැක. • තරග කොන්දේසි 1 වසර සිට 8 වසර දක්වා කනිෂ්ඨ අංශය ලෙසත් 9 වසර හා ඉන් ඉහළ ජේ‍්‍යෂ්ඨ අංශය ලෙසත් සැලකේ. තරග විනිශ්චය කරනු ලබන්නේ අදාළ විෂය සම්බන්ධ ප්‍රවීණයන් වන අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ. • ත්‍යාග (රචනා හා චිත්‍ර තරගය) ප්‍රථම ස්ථානය – රු. 10,000 ත්‍යාග සමඟ සහතිකය දෙවන ස්ථානය – රු. 7,500 ත්‍යාග සමඟ සහතිකය තෙවන ස්ථානය – රු. 5,000 ත්‍යාග සමඟ සහතිකය එක් කාණ්ඩයේ හොඳම තරඟකරුවන් 10 දෙනාට සහතිකපත් ප්‍රදානය කෙරේ. අයදුම්පත බාගත කිරීම ⬇️ • නිර්මාණ භාරගැනීම 2025 ජනවාරි මස 15 දිනට පෙර පහත ලිපිනයට යොමු කළ යුතුයි. සාමූහික සන්නිවේදන අංශය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තැ.පෙ. අංකය 14, ගාලු පාර, රත්මලාන විමසීම් – 0112635254