1939 Hotline

විසන්ධි වු ජල සම්ප්‍රේෂණ නළය කඩිනමින් යථා තත්ත්වයට

  1. Home
  2. /
  3. පුවත්
  4. /
  5. විසන්ධි වු ජල සම්ප්‍රේෂණ...

විසන්ධි වු ජල සම්ප්‍රේෂණ නළය කඩිනමින් යථා තත්ත්වයට

ජුනි මස 02 වනදා  අනපේක්ෂිත ලෙස ඇතිවු හදිසි ගංවතුරට හසුවු කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ජල සැපයුම් මාර්ගය තුම්මෝදර වක්ඔය පාලම අසලදී විසන්ධි විය.

මෙහිදි කඩිනමින් ක්‍රියාත්මක වු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් නොකොට කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන වෙනත් සමාන්තර ජල මාර්ගය හරහා ජලය ලබා දෙමින් ප්‍රධාන නළ මාර්ගය යථා තත්ත්වයට පත්කිරීිමට යුහුසුලු වුයේය.

එය ඉතා දුෂ්කර මෙහෙයුමකි. දැඩි වාර්ෂාව සැඩ පහර සමඟ පොර බදිමින් වක්ඔය පාලම අසල පිලිසකර කිරිම් ආරම්භ කරන ලදි. මණ්ඩලයේ සේවක ප්‍රජාව කොන්ත්‍රාත්කරුවන් සමඟ එක්ව අඛණ්ඩව සිදුකළ ක්‍රියාන්විතය මඟින් මාසයක් ඇතුලත සියල්ල ස්ථිරසාර ලෙස යථා තත්ත්වයට පත් කරන ලදි. මේ එම ස්ථානයේ නිරීක්ෂණය කරමින් මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වු නිලධාරි ඇතුලු කාර්ය මණ්ඩලය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සමාන්‍යාධිකාරි ඉංජිනේරු බාරදීදාසන් මහතා විසින් ඇගයීමට ලක් කරන අයුරුයි.

වීඩියෝව