මල අපවාහනය පරිසරහිතකාමී ලෙස නැවත ප්‍රයෝජනයට යොදා ගත හැකි නවතම උපකරණයක්
මල අපවාහනය පරිසර හිතකාමී ලෙස නැවත ප්‍රයෝජනයට යොදා ගත හැකි නවතම උපකරණයක් ''ජොකාසු'' නමින් ජපන් රජයේ කුබෝටා සමාගම විසින් හදුන්වා දී ඇත.
භූගත ජලය අපවිත්‍ර වීම වැලැක්වීම සහ පිරිසුදු පානීය ජලය මහජනතාවට ලබාදීම වෙනුවෙන් මෙම උපකරණය ශ්‍රී ලංකාවේ භාවිතයට යොදා ගැනීම ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය සමඟ එක්ව ක්‍රියා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කටයුතු සැලසුම් කර ඇත.
මෙය නගරාශ්‍රිත නිවාස ඒකක පුළුල් කොට ගෙන සහ කර්මාන්ත ශාලා, දැවැන්ත හමුදා කඳවුරු, නිවාස සංකීර්ණ ආශ්‍රිතව මුලින්ම ආරම්භ කිරීම මෙහි අරමුණය.
මේ මගින් මල අපද්‍රව්‍ය සහ මලාපවහන සම්බන්ධයෙන් මහජනතාවට ඇතිවන ගැටලු සහ පාරිසරික අවහිරතා නැති කර ගැනීම මෙහි ඇති විශේෂත්වයයි.
ජපානයේ කුබෝටා FRP ජොකසු ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත දිනේෂ් කුමාර් මහතා මෙම යන්ත්‍රයක් ජල සම්පාදන අමාත්‍යාංශ පරිශ්‍රය සඳහා පරිත්‍යාග කරන ලද අවස්ථාව.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන මොරවැව
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන මොරවැව ප්‍රති ආස්‍රැත ජල පෙරණ මධ්‍යස්ථානය ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරීම.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Write comment (0 Comments)
කහටගස්දිගිලිය පුංචි හල්මිල්ලෑව ප්‍රති ආස්‍රැත ජල පෙරණ මධ්යස්ථානයජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියටපැවරීම.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය පුංචි හල්මිල්ලෑව ප්‍රති ආස්‍රැත ජල පෙරණ මධ්‍යස්ථානය ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරීම.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Write comment (0 Comments)
පිරිසිදු පානීය ජලයනොමැතිකම නිසාම සමහර ගම්මාන දුෂ්කර ගම්මාන වී තිබෙනවා
රෝගයට ගොදුරු වෙනවා ඒ නිසා වකුගඩු රෝගය බහුල වශයෙන් පවතින ප්‍රදේශවලට හැකි ඉක්මනින් පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වන විට අපගේ ජල සම්පාදන මණ්ඩලය ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ උතුරු මැද පළාත සඳහා ප්‍රති ආස්‍රැත ජල පෙරණ මධ්‍යස්ථාන350ක් ඉදි කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රථම ප්‍රති ආස්‍රැත ජල පෙරණ මධ්‍යස්ථාන පහ ජනතා අයිතියට පැවරීම නිමිත්තෙන් පැවති උත්සව සභාවේ දී ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙම අදහස් පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව කරුණාගම, කහටගස්දිගිලිය පුංචි හල්මිල්ලෑව, හොරොව්පොතාන පට්ටියාවිල, මොරවැව, කහටගස්දිගිලිය ඇතාවැටුණුවැව යන ප්රදේශයන්ගේ හිදී මෙම ජල යෝජනා ක්‍රම විවෘත කෙරුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පිරිසිදු පානීය ජලය නොමැතිවීම නිසාම අපගේ සමහර ගම්මාන අති දුෂ්කර ගම්මාන වී තිබෙනවා එසේම එම ගම් වැසියන් පානය කරන ජලය ද දැඩිසේ අපිරිසිදු වී තිබෙනවා. ඒ නිසා අපේ රටේ අපේම ජන කොටස් මේ ආකාරයෙන් දුෂ්කර තත්ත්වයට පත්වීම බරපතළ ලෙඩ රෝගයන්ට ගොදුරු වීම කිසිසේත්ම කල් හැරිය යුතු තත්ත්වයක් නොවේ. ඒ නිසා ඉතාමත් කඩිනමින් පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා මෙම ප්‍රති ආස්‍රැත කුඩා ජල සම්පාදන මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කළ බව ඇමතිතුමා පැවසීය.
එසේම මෙම ජල පෙරණ මධ්‍යස්ථාන ගමේ ප්‍රජා මූල සංවිධාන සමග එකතු වී ඔවුන්ට මෙහි භාරකාරත්වය පවරනු ලබන බව කියා සිටි අමාත්‍යතුමා මෙහි සියලු නඩත්තු කටයුතු ජල සම්පාදන මණ්ඩලය මගින් සිදු කරනු ලබන අතර මෙම ජල සම්පාදන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම ගමේ ජනතාවට හිමි වන බවද වාසුදේව නානායක්කාර මැතිතුමා කියා සිටියේය.
රුපියල් මිලියන10ක් පමණ වියදමින් ඉදි කරන ලද මෙම ජල පෙරණ මධ්‍යස්ථාන වකුගඩු රෝගීන් බහුල ප්‍රදේශ තෝරාගෙන ඉදි කිරීමට ලැබීම රජරට අහිංසක ජනතාවට ලබාදුන් උදාර සේවාවක් බව මේ අවස්ථාවට එක් වූ ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. මෙම ජනහමු සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය. මෙම ප්‍රති ආස්‍රැත ජල පෙරණ මධ්‍යස්ථාන ගිවිසුමක් මගින් ගමේ ප්‍රජාමූල සංවිධානයන්ට පවරා දෙනු ලබන අතර මෙම ප්‍රති ආස්‍රැත ජල පෙරණ මගින් ජලයේ ඇති අපිරිසිදු ද්‍රව්‍ය, ලවණ ඉවත් කිරීම සිදුකරනු ලබනවා.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
බටහිර කටාන සිල්වරින් පාර්ක් නව ජල සම්බන්ධන අයදුම්පත් ලබාදීම
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ ආකාරයට 2025 වන විට සැමට පානීය ජලය ලබාදීම සපථ කරමින් ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ සංකල්පයකට අනුව දිවයින පුරා පානීය ජලය අවැසි ජනතාවගේ ජල ගැටළු විසඳාලීමට කඩිනමින් නළ ජලය ලබාදීම මේ වන විටත් ක්‍රියාත්මක වේ.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ තුල පානීය ජලය සපයා ගැනීමේ අපහසුතාවයෙන් වසර ගණනාවක් තිස්සේ පීඩාවිඳි ජනතාවගේ එම ගැටළුවට විසඳුමක් වශයෙන් ඔවුන්ගේද දායකත්වය ලබා ගනිමින් කඩිනම් සහ විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පිරිසිදු පානීය නල ජලය ලබා දීමේ වැඩපිළිවෙල සිදු කෙරෙමින් පවතින අතර ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය ගරු සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගේ අධික්ෂණය යටතේ කටාන ආසනයේ බටහිර කටාන සිල්වරින් පාර්ක් හි පදිංචි පානීය නල ජලය අවැසි ජනතාව සඳහා නව ජල සම්බන්ධන ලබා දීමට අවශ්‍ය අයදුම්පත් ලබාදීම 2021.02.14 දින සිදු කරන ලදි.
රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය ගරු සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගේ පෞද්ගලික ලේකම් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උදාර සිල්වා මහතා, ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික මහතා, කටාන ප්‍රදේශයේ නියෝජිත කපිල මහතා
ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මහර ආසනයේ පානීය නල ජලය අවැසි ජනතාව සඳහා නව ජල සම්බන්ධන ලබා දීමට අවශ්‍ය අයදුම්පත් ලබාදීම
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ ආකාරයට 2025 වන විට සැමට පානීය ජලය ලබාදීම සපථ කරමින් ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ සංකල්පයකට අනුව දිවයින පුරා පානීය ජලය අවැසි ජනතාවගේ ජල ගැටළු විසඳාලීමට කඩිනමින් නළ ජලය ලබාදීම මේ වන විටත් ක්‍රියාත්මක වේ.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ තුල පානීය ජලය සපයා ගැනීමේ අපහසුතාවයෙන් වසර ගණනාවක් තිස්සේ පීඩාවිඳි ජනතාවගේ එම ගැටළුවට විසඳුමක් වශයෙන් ඔවුන්ගේද දායකත්වය ලබා ගනිමින් කඩිනම් සහ විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පිරිසිදු පානීය නල ජලය ලබා දීමේ වැඩපිළිවෙල සිදු කෙරෙමින් පවතින අතර ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මැතිතුමාගේ අධික්ෂණය යටතේ මහර ආසනයේ උඩුපිල නැගෙනහිර ලන්සියාහේන, උඩුපිල දකුණ වවනවත්ත, ජයමන් අමරසේකර මාවත, දොලේවත්ත, උඩුපිල උතුර හා වෑබඩ නැගෙනහිර යන ප්‍රදේශයන්හි පානීය නල ජලය අවැසි ජනතාව සඳහා නව ජල සම්බන්ධන ලබා දීමට අවශ්‍ය අයදුම්පත් ලබාදීම 2021.02.14 දින සිදු කරන ලදි.
මහර ප්‍රාදේශිය සභාවේ සභාපති සුදිමා චාන්දනී, උප සභාපති අජන්ත වික්‍රමආරච්චි, නාගරික මන්ත්‍රි සාන්ත සමරකොන්, සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික, ගම්පහ දිස්ත්‍රික් ස්වේඡ්චා නිලධාරින් වන රවීන්ද්‍ර දර්ශන, ප්‍රදීප් ඇන්තනී, තුසිත විජේරත්න යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවන් සඳහා සහභාගී විය.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
දිවුලපිටිය දියගම්පල වෙහෙරගල කන්ද ප්‍රජාමූල සංවිධානයට නව ජල ටැංකියක් ප්‍රධානය කිරීම
දිවුලපිටිය දියගම්පල වෙහෙරගල කන්ද ප්‍රජාමූල සංවිධානයේ ජලය එක්රැස් කරන ජල ටැංකිය ප්‍රමාණවත් නොවීම හා ඉතා අබලන්වීම හේතුවෙන් ඒ සඳහා නව ජල ටැංකියක් ලබාගැනීම සඳහා ප්‍රජාමූල සංවිධානය විසින් එවකට ජල සැපයුම් රාජ්‍ය අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව, ගරු අමාත්‍යතුමාගේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් කේ.එච්. සංජීව ධම්මික මහතාගේ මැදිහත්වීම මත ජල ලීටර් දස දහසක ධාරිතාවකින් යුත් නව ජල ටැංකියක් ප්රදානය කිරීම 2021.02.05 දින සිදු කෙරුණි.
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේ දැක්මට අනුව සැමට පිරිසුදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙල යටතේ බොහෝ කලක සිට පිරිසිදු පානීය ජල ගැටලු පීඩා විඳින දියගම්පල ජනතාවගේ ජල ගැටළුවට විසඳුම් ලබාදීම ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ උපදෙස් පරිදි 2021 වර්ෂය තුළදී සිදු කරන බව කේ.එච්. සංජීව ධම්මික මහතා මෙහිදී පවසන ලදී.
මෙහිදී ජල සම්පාදන ගරු අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමාට සහ රාජ්‍ය අමාත්‍ය ගරු සනත් නිශාන්ත මැතිතුමාට දියගම්පල ජනතාවගේ හද පිරි ස්තුතිය පුද කරන ලදී.
|
|
|
|
Write comment (0 Comments)
දිවුලපිටිය සිසිල සෙවන පවුල් 26 කට නව ජල සම්බන්ධතා ලබාදීම
ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ උපදෙස් පරිදි වසර අටකට පසු දිවුලපිටිය සිසිල සෙවන පවුල් 26 කට නව ජල සම්බන්ධතා ලබාදීම සඳහා ජල නල දීර්ඝ කිරීම 2021.01.30 දින සිදු කල අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට සහභාගී විය.
ජල සම්පාදන ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික මහතා හා අමාත්‍යතුමාගේ ස්වේඡ්චා නිලධාරීන් මෙම වැඩසටහන සම්බන්ධීකරණ කරන ලද අතර ප්‍රජා දායකත්වය සවිබල ගැන්වීම තුලින් එක් දිනක් තුල නව ජල සම්බන්ධතා ලබා දීමට හැකි වීම විශේෂත්වයකි.
කටාන ජනතාවට ක්‍රමවත් ජල සැපයුමක් ලබාදීම සඳහා කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කිරීම 2021 මාර්තු මාසයේදී
|
|
|
|
|
|
|
|
|
|
|
2021 – 2024 සනීපාරක්ෂාකව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ සමුළුව
2021 – 2024 කාලය සඳහා ශ්‍රී ලංකා ජන සමාජයට අවැසි සනීපාරක්ෂාව පිළිබඳ තිරසාර ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ වැඩමුළුවක් 2021 ජනවාරි මස 05 වන දින වොටර්ස් එජ් හෝටල් ( Waters Edge Hotel) පරිශ්‍රයේදී සිදු විය.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන පවත්වන ලද්දේ ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ඉන්ජිනේරු ආචාර්ය ප්‍රියත් බන්දු මහතා, ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා, උපසභාපති නිමල් ආර්. රණවක මහතා, මණ්ඩලයේ සමාන්‍යාධිකාරි ඉංජිනේරු තිළිණ විජේතුංග මහතා ඇතුළු මණ්ඩලයේ ප්‍රවීන වෘත්තීයවේදීන් රැසක් මෙම වැඩසටහනට සක්‍රීය ලෙස සහභාගි විය. Click here for Video
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
![]() |
![]() |
![]() |
![]() |