අතිගරු ජනාධිපතිතුමාගේ "සෞභාග්‍යය දැක්ම" අනුව 2025 සැමට ජලය වැඩසටහන යටතේ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන ලද මීරිගම මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රී බෝධි ප්‍රජා ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මැතිණියගේ ඉල්ලීමකට අනුව ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ සහ රාජ්‍ය අමාත්‍ය ගරු සනත් නිශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.01.16 දින කැටකාලපිටියේදී සිදුවිණි.
මෙම අවස්ථාවට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. ජි. විජය බන්දු, ජල සම්පාදන අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් සහ ව්‍යාපෘති අධීක්ෂක කේ.එච්. සංජීව ධම්මික, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් ස්ථානභාර නිලධාරි චතුර දනුද්ධර යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී විය.
|
|
|
|
|
|
|
|
|