ජලය මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් නමුත් එම මූලික අවශ්‍යතාවය සපුරා ගත නොහැකි වූ අප රටේ කොතෙකුත් ජනතාව නොයෙක් පීඩාවන්ට ලක් වනවාද?

එම පීඩාවන් හොඳින් හඳුනාගත් වත්මන් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමා දිවයින පුරා සිටින ජනතාවගේ සාපිපාසාව නිවාලීම සඳහා වැඩසටහන් ගණනාවක් හඳුන්වා දී තිබෙනවා.ඒ අතරින් “පැයෙන් පැයට දොරින් දොරට” වැඩසටහන සහ “ජල නල එලීම උදෙසා සේවක ප්‍රජා වැඩසටහන” විශේෂ තැනක් ගනු ලබනවා.

මෙම වැඩසටහන් අතුරින් ජල නල එලීම සඳහා සේවක ප්‍රජා වැඩසටහනක් විශේෂත්වයක් ගනු ලබනවා.ඊට හේතුව වන්නේ ඒ සඳහා සහභාගි වන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරුවාගේ සිට සාමාන්‍ය කම්කරුවා දක්වා සහභාගී වන සියලුම දෙනා දිනක වැටුප සහ අතිකාල දීමනා ගමන් වියදම් කිසිවක් නොමැතිව සුවෙච්චාවෙන් සේවයේ යෙදීමයි.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමාගේ සංකල්පයකට අනුව දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම “ජල නල එලීම උදෙසා සේවක ප්‍රජා වැඩසටහන” අදියර දෙකක් මේ වන විට ඉතා සාර්ථක ආකාරයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කය උඩවලව ප්‍රදේශයේ සිදු කරමින් ජල සම්පාදන මණ්ඩලයට රුපියල් කෝටි 20 කට අදික මුදලක් ජල සම්පාදන මණ්ඩලය තුළ ඉතිරි කර ගැනීමේ හැකියාව ලැබී ඇත.

පසුගිය කාලසීමාව තුල දිවයින පුරා පැවති කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් තරමකට පසුබෑමට ලක් වී තිබුණු “ජල නල එලීම උදෙසා සේවක ප්‍රජා වැඩසටහනෙහි අදියර 03 ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තීරණය කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් සිය නිලධාරීන් වෙත මේවන විටත් උපදෙස් ලබා දී ඇති. අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ පානීය ජල සම්බන්ධතාවයන් ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කරමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමාගේ මාධ්‍ය ලේකම් සංජීව ධම්මික මහතාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජල නල එලීම උදෙසා සේවක ප්‍රජා වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ නව ජල සම්බන්ධතා අවශ්‍ය ජනතාව සඳහා ජල සම්බන්ධතා අයදුම් පත්‍ර බෙදා දීම අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ කට්ටකඩුව, ඉහලගම, යකාගල, හැලේකඩේ, කරගහවෙල, ගුරුවල, ජදුර, ජූලමුල්ල, කොටවාය සහ ගල්සිඹලයාය ගම්මානයන්හී පසුගියදා සිදු කරන ලදී.

එම අවස්ථාවට අඟුණකොළපැලැස්ස ප්‍රාදේශිසභාවේ මන්ත්‍රී වරුන් වන ජී.වමින්ද,ඉලේසිංහගේ ප්‍රේමචන්ද්‍ර,ෂර්ලි ජයලත්,දිල්ශාන් ප්‍රියදර්ෂණ,ආර්.පියසීලී,ආරියරත්න යන මහත්ම මහත්මීන්, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් පී.ගාර්දියවසම් මහතා ,නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අඟුණකොළපැලැස්ස සම්බන්ධීකරණ ලේකම්වරු සහනව ජල සම්බන්ධතාවයන් අවැසි ප්‍රදේශවාසී ජනතාව සහභාගී විය.