රෝගයට ගොදුරු වෙනවා ඒ නිසා වකුගඩු රෝගය බහුල වශයෙන් පවතින ප්‍රදේශවලට හැකි ඉක්මනින් පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වන විට අපගේ ජල සම්පාදන මණ්ඩලය ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ උතුරු මැද පළාත සඳහා ප්‍රති ආස්‍රැත ජල පෙරණ මධ්‍යස්ථාන350ක් ඉදි කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රථම ප්‍රති ආස්‍රැත ජල පෙරණ මධ්‍යස්ථාන පහ ජනතා අයිතියට පැවරීම නිමිත්තෙන් පැවති උත්සව සභාවේ දී ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙම අදහස් පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව කරුණාගම, කහටගස්දිගිලිය පුංචි හල්මිල්ලෑව, හොරොව්පොතාන පට්ටියාවිල, මොරවැව, කහටගස්දිගිලිය ඇතාවැටුණුවැව යන ප්‍රදේශයන්ගේ හිදී මෙම ජල යෝජනා ක්‍රම විවෘත කෙරුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පිරිසිදු පානීය ජලය නොමැතිවීම නිසාම අපගේ සමහර ගම්මාන අති දුෂ්කර ගම්මාන වී තිබෙනවා එසේම එම ගම් වැසියන් පානය කරන ජලය ද දැඩිසේ අපිරිසිදු වී තිබෙනවා. ඒ නිසා අපේ රටේ අපේම ජන කොටස් මේ ආකාරයෙන් දුෂ්කර තත්ත්වයට පත්වීම බරපතළ ලෙඩ රෝගයන්ට ගොදුරු වීම කිසිසේත්ම කල් හැරිය යුතු තත්ත්වයක් නොවේ. ඒ නිසා ඉතාමත් කඩිනමින් පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා මෙම ප්‍රති ආස්‍රැත කුඩා ජල සම්පාදන මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කළ බව ඇමතිතුමා පැවසීය.

එසේම මෙම ජල පෙරණ මධ්‍යස්ථාන ගමේ ප්‍රජා මූල සංවිධාන සමග එකතු වී ඔවුන්ට මෙහි භාරකාරත්වය පවරනු ලබන බව කියා සිටි අමාත්‍යතුමා මෙහි සියලු නඩත්තු කටයුතු ජල සම්පාදන මණ්ඩලය මගින් සිදු කරනු ලබන අතර මෙම ජල සම්පාදන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම ගමේ ජනතාවට හිමි වන බවද වාසුදේව නානායක්කාර මැතිතුමා කියා සිටියේය.

රුපියල් මිලියන10ක් පමණ වියදමින් ඉදි කරන ලද මෙම ජල පෙරණ මධ්‍යස්ථාන වකුගඩු රෝගීන් බහුල ප්‍රදේශ තෝරාගෙන ඉදි කිරීමට ලැබීම රජරට අහිංසක ජනතාවට ලබාදුන් උදාර සේවාවක් බව මේ අවස්ථාවට එක් වූ ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. මෙම ජනහමු සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය. මෙම ප්‍රති ආස්‍රැත ජල පෙරණ මධ්‍යස්ථාන ගිවිසුමක් මගින් ගමේ ප්‍රජාමූල සංවිධානයන්ට පවරා දෙනු ලබන අතර මෙම ප්‍රති ආස්‍රැත ජල පෙරණ මගින් ජලයේ ඇති අපිරිසිදු ද්‍රව්‍යලවණ ඉවත් කිරීම සිදුකරනු ලබනවා.