අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ ආකාරයට 2025 වන විට සැමට පානීය ජලය ලබාදීම සපථ කරමින් ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ සංකල්පයකට අනුව දිවයින පුරා පානීය ජලය අවැසි ජනතාවගේ ජල ගැටළු විසඳාලීමට කඩිනමින් නළ ජලය ලබාදීම මේ වන විටත් ක්‍රියාත්මක වේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ තුල පානීය ජලය සපයා ගැනීමේ අපහසුතාවයෙන් වසර ගණනාවක් තිස්සේ පීඩාවිඳි ජනතාවගේ එම ගැටළුවට විසඳුමක් වශයෙන් ඔවුන්ගේද දායකත්වය ලබා ගනිමින් කඩිනම් සහ විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පිරිසිදු පානීය නල ජලය ලබා දීමේ වැඩපිළිවෙල සිදු කෙරෙමින් පවතින අතර ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය ගරු සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගේ අධික්ෂණය යටතේ කටාන ආසනයේ බටහිර කටාන සිල්වරින් පාර්ක් හි පදිංචි පානීය නල ජලය අවැසි ජනතාව සඳහා නව ජල සම්බන්ධන ලබා දීමට අවශ්‍ය අයදුම්පත්‍ ලබාදීම 2021.02.14 දින සිදු කරන ලදි.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය ගරු සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගේ ‍පෞද්ගලික ලේකම් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උදාර සිල්වා මහතා, ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික මහතා, කටාන ප්‍රදේශයේ නියෝජිත කපිල මහතා

ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.