ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශනයේ වැඩපිලිවෙලට අනුව 2025 වන විට පැය 24 පුරා සැමට නළ මාර්ගික පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩසටහන අනුව ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකා ජනරජය විසින් රුපියල් මිලියන 32,700 ක ආයෝජනය මඟින් කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉදිකරනු ලැබු කැලණි දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය අදියර - 2 ජනතා අයිතියට පැවරීම ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් 2020.11.18 දින බියගම පට්ටිවිලදී සිදු කෙරෙන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

 අමාත්‍යතුමා මේ බව සඳහන් කළේ 2020.11.14 දින කැලණි දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකින් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. 

 

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා.

 

කැලණිය, පෑලියගොඩ, බියගම, කඳාන, පමුණුගම, කටුනායක, කටාන, මහර, කඩවත, රාගම, වැලිසර, ජා ඇල, ඒකල සහ කටාන ප්‍රාදේශී ලේකම් කොට්ධාශයන්හි ග්‍රාම නිලධාරී වසම් 320 ක් ආවරණය කරමින් නව ජල සම්බන්ධතා 120, 000 කට අධික සංඛාවක් ලබා දෙන අතර 1,750,000 අධික ජනතාවකට මෙම ව්‍යාපෘතිය මගින් සෙත සැලසෙනවා.

 

නව ජල පවිත්‍රාගාරයේ දෛනික නිෂ්පාදන ධාරිතාව ඝන මීටර 180,000 සිට ඝන මීටර 360,000  දක්වා වැඩි කෙරන අතර මෙම ව්‍යාපෘතිය පොම්පාගාර, නව සේවා ජලාශ, නව ජල සම්ප්‍රේෂණ නල කිලෝ මීටර් 30 කින් සහ බෙදාහැරීමේ නල කිලෝමීටර් 300 කින් සමන්විත වනවා.

 

ගම්පහ ප්‍රදේශයේ මේ දක්වා ජල හීනතාවයෙන් පෙලුන පාරිභෝගික ජනතාවට විසදුම් ලබා දීමට කැලණිය දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් හැකියාව ලැබෙන බව සඳහන් කරන ලදි.

 

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සාමාන්‍යධිකාරී ඉංජිනේරු තිළින විජේතුංග,අමාත්‍යතුමාගේ සම්බන්ධිකරන ලේකම් ඩි.වි.ඩි. තිලකසිරි, මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික යන මහත්වරු ඇතුලු ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක් වූහ.

Video -  regarding opening ceremoney on 18th Nov.2020  Click here....

Video of Minister's Visit Click here....