ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සහ ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් දැනට ක්‍රියාත්මක හා ඉදිරියේදී සැලසුම් කර ඇති සනීපාරක්ෂක ව්‍යාපෘති පිළිබද ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජල සම්පාදන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී 2020.11.09 දින පැවැත්විණි.
අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සරත් රණසිංහ, මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික, අමාත්‍යාංශයේ අතිලේක ලේකම් (තාක්ෂණ) එච්.සි.ජේ. තිලකරත්න යන මහත්වරු ඇතුලු ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක් වූහ.