for video click here....
කැලණි දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර 2 ජනතාවට පැවරීමේ මහෝත්සවය ගරු 
අග්‍රමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2020.11.18 දින සිදු කරන බැවින් ඒ පිළිබද සාකච්ඡාවක් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජල සම්පාදන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී 2020.11.10 දින පැවැත්විණි.

ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, උප සභාපති නිතීඥ නිමල් රණවක, සාමාන්‍යධිකාරි තිළිණ විජේතුංග,අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සරත් රණසිංහ, මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික, සම්බන්ධිකරණ ලේකම් ඩි.වි.ඩි. තිලකසිරි යන මහත්වරු ඇතුලු ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක් වූහ.