අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම පුතිපත්ති මාලාවට අනුව සැමට පිරිසිදු පානීය නල ජලය ලබාදීමේ ජාතික සැලැස්ම අනුව ඉදිරි වසර තුල ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිදියුණු කිරීමට ඇති ජල සම්පාදන ව්‍යාපෘති පිළිබද නිරීක්ෂණ චාරිකාවක් සහ ප්‍රගති සමාලෝචන රැස්වීමක් 2020.11.04 දින කඩවත ප්‍රාදේශීය සහය සේවා මධ්‍යස්ථාන කාර්යාලයේදී පැවැත්විනි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, උප සභාපති නිමල් රණවක, සාමාන්‍යධිකාරී ඉංජිනේරු තිළින විජේතුංග, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ඉංජිනේරු එන්.යු.කේ.රණතුංග, අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික, හිටපු නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ප්රතිරාජ රාමවික්‍රම යන මහත්වරු ඇතුලු ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක් වූහ.
|
|
|
|
|
|
|
|
|
|