Click here for video.....

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභිනව උප සභාපති ජ්‍යෙෂ්ඨ නිතීවේදී නිමල් ආර්. රණවක මහතා සිය ධුරයේ වැඩ භාරගැනීම අද (23) දින රත්මලාන පිහිටි ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයකු වන නිමල් ආර්. රණවක මහතා රාජ්‍ය භාෂා කොමිසමේ හිටපු සභාපති ලෙස සහ සෞදිආරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු කවුන්සල්වරයා ලෙසද රාජකාරී සිදුකර ඇති අතර, ප්‍රජා තන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ වර්තමාන සභාපති ලෙසද කටයුතු කරයි.

ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය ප්‍රජා තන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාරමහතා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සාමාන්‍යධිකාරී ආර්.එම්. රුවිනීස්, රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සරත් ආර්. රණසිංහ මහතා සහ සම්බන්ධිකරන ලේකම් ඩි.වි.පි. තිලකසිරි, මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.