ජල සම්පාදන රාජ්‍ය ඇමතිතුමාගේ

තෛපොංගල් සුභ පැතුම් පණිවුඩය

අටුකොටු සරු වී, දිළිඳුකම තුරන් වී, සෞභාග්‍යමත් දේශයක් උදා කරලීමට සකල ලාංකේය ගොවි ජනතාව මුල් කරගෙන සමරන තෛපොංගල් දිනයේ දී සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි අධිෂ්ඨානය කර ගනිමු.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නායක, ජල සම්පාදන පහසුකම් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය තෛපොංගල් සුභ පැතුම් පණිවුඩයේ මේ බව සඳහන් කර ඇත.

එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ද්‍රවිඩ සංස්කෘතිය අනුව තෛ මාසයේ පළමු දිනයේදී ( ජනවාරි 15) තෛපොංගල් උත්සවය සැමරේ. තවද ගොවියා සිය ගොවිතැනට ශක්තිය ලබාදෙන හිරුටත් අනෙකුත් ජීවින්ටත්, සොබාදහමටත් ස්තුතිය පුදකිරීමේ සංකේතයක් වශයෙන් මෙම දිනය සමරන අතර, අස්වැන්නෙන් ලබා ගත් අලුත් සහල් කිරෙන් උතුරුවා හිරුට පූජා කිරීම සිදු කෙරේ. එමෙන්ම තෛ මාසයේ දෙවැනි දිනයේ දී ගවයන් වෙනුවෙන් පොංගල් උතුරුවා පූජා පැවැත් වේ.

සියලුදෙනාට සුභ තෛපොංගල් උත්සවයක් වේවා!

වාසුදේව නානායක්කාර (පා.ම)
ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය