දැනටමත් ලෝක බැංකුව ආධාරයෙන් මහා ව්‍යාපෘතීන් ගණනාවක් ක‍්‍රියාත්මක කරමින් පවතින අතර ග‍්‍රාමීය හා අර්ධ නාගරික ප‍්‍රදේශවල ආරක්‍ෂිත ජල හා සනීපාරක්‍ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ස`දහා ඇමරිකානු ඩොලර් මිලියන 190 ක් වෙන්කර ඇති බව නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් පවසයි. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක කරන පානීය ජල ව්‍යාපෘතීන් සහ සනීපාරක්‍ෂක කටයුතු පිළිබ`ද පැහැදිලි කිරීම වෙනුවෙන් ඊයේ (04) ලෝක බැංකු දූත පිරිස සම`ග පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි සිය කාර්යාලයේදී  පැවති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය රවුෆ් හකීම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව අනාවරණය කළේය. තවදුරටත් අදහස් දැක්වු අමාත්‍ය රවුෆ් හකීම් මහතා. ප‍්‍රජා ජල ව්‍යාපෘති ශක්තිමත් කිරීම, නාගරිකරණ සිදුවන ප‍්‍රදේශවල තිබෙන පානීය ජල ගැට`ඵ විසදීම යනාදී කාර්යන්ද මෙම ව්‍යාපෘතියෙන් සිදු කෙරේ. මෙය කිලිනොච්චිය, මුලතීව්, කෑගල්ල, රත්නපුර, බදුල්ල, මොනරාගල සහ නුවර එළිය යන දිස්ත‍්‍රික්ක හතක ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. 

එමෙන්ම වතුකර ප‍්‍රදේශයේ සනීපාරක්‍ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ක‍්‍රියාවලියන් හා පානීය ජල ගැට`ඵ වලටද මෙම ව්‍යාපෘතියෙන් සෙත සැලසෙන බව ඉතා පැහැදිලිය. 2030 දී සැමටම සනීපාරක්‍ෂක පහසුකම් යන ගෝලීය ඉලක්කය අවුරුදු දහයකට කලින් අපට ලගාකර ගතහැකි බවත් ඇමතිතුමා විශ්වාසය පල කළා.

මෙම සාකච්ඡාවට දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.අයි.එම්. මන්සූර්, ලෝක බැංකුව වෙනුවෙන් කලාපීය ජල හා සනීපාරක්‍ෂක කටයුතු පිළිබ`ද විශේෂඥවරුන් වන ඉයෙන් මින්සිස් (Iain Menzies), මතේවුස් මුල්ලාකල්(Mathews Mullackal), නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන, අතිරේක ලේකම් ඒ.සී.එම්. නෆීල් හා ව්‍යාපෘති අධ්‍යක්‍ෂ එන්.යු.කේ. රණතුංග යන මහත්වරුන්ද සහභාගී වුහ.