නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා ඊයේ (11 දා) බම්බලපිටිය ඕයෝ හෝටලයේදි ආරම්භ වු සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු සමුළුවේ (සකොසාන්) දසවැනි අන්තර් කලාපීය කමිටු රැස්වීමේ සමාරම්භක සැසිවාරය ආමන්ත්‍රණය කරමින් දැක්වූ අදහස්වලින් බිඳක් ;

අප රට ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියනවා. ඒ ඉතිහාසය තුළ සනිපාරක්ෂාවට ඉතා හොඳ තැනක් හිමිව තිබුණා. ඒ පිළිබඳ ඉතිහාසය සාක්ෂි දරනවා. අප රටේ ජනතාවට සනීපාරක්ෂක පහසුකම් සියයට සියයක් ලබාදීම සඳහා අප වැඩපිළිවෙළක් සකස් කර තිබෙනව.

විශේෂයෙන්ම අප පාසල් පද්ධතිය තුළ සනීපාරක්ෂක පහසුකම් වැඩිකරන්න අප තීරණය කර තිබෙනවා. ගැහැනු දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් එහිදී අප ක්‍රියාත්මක කරනවා. මේ සඳහා අප අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ වී කටයුතු කරනවා. අයවැය තුළින් මේ සඳහා විශාල මුදලක් වෙන් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ වසරේ පාසල් තුන්දහසක් සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.

සනීපාරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබෙනවා.

   
   
   
 
Write comment (0 Comments)

International 4-in-1 Building & Construction, Water Supply & Treatment, Power & Electrical and HVAC EXPO has been inaugurated by the Chief Guest SLMC Leader, Minister Rauff Hakeem at the Sri Lanka Exhibition & Convention Centre Colombo-10 on Thursday (10).  It will be held till 12th Saturday.

Write comment (0 Comments)

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක්ව ක‍්‍රියාත්මක කරන ලද කොරතොට ජල සම්පාදන වැඩිදියුණු කිරීමේ ව්‍යපෘතිය විවෘත කිරීම නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2017.08.24 දින සිදුවිය.


්දේශීය බැංකු අරමුදල් යටතේ රුපියල් මිලියන 154 ක වියදමින් බෙදාහැරීමේ නළ පද්ධතියේ දිග කිලෝමිටර් 7.6 ක් වන අතර මෙම ජල යෝජනා ක‍්‍රමයෙන් පවුල් 1500 කට පිරිසිදු පානීය නල ජල පහසුකම් ලැබේ. විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ කටයුතු අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, සංවර්ධන උපාමාර්ග හා ජ්‍යාත්‍යන්තර වෙළ`ද කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ උප සභාපති සෆික් රජාබ්දීන්, යන මහත්වරු ඇතු`ඵ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

   
   
Write comment (0 Comments)

මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ හතරවන අදියරෙහි සමාරම්භය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2017.08.06 වැනි ඉරු දින නුපේ හන්දියේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල කාර්යාල පරිශ‍්‍රයේ දී පැවැත්විය.

නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර් යන මහත්ම මහත්මීන් විශේෂ අමුත්තන් වශයෙන් සහභාගි විය.

නිල්වලා ග`ග ජල මූලාශ‍්‍රය කර ගනිමින් යෝජිත මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ හතරවන අදියර මාතර, තංගල්ල, තිහගොඩ, දෙවිනුවර, දික්වැල්ල, වැලිගම, වැලිපිටිය, මාලිම්බඩ, කඹුරුපිටිය, කිරින්ද, අතුරලිය, බෙලිඅත්ත යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 12 ක පිහිටි ග‍්‍රාම නිලධාරී වසම් 372 ක් ආවරණයවේ.


භූගත ටැංකි 06 ක්, ජල කු`ඵණු 04 ක්, ලවන බාධකයක් සහ ජල පිරිපහදු මධ්‍යස්ථාන ඇතුලත් මෙම යෝජිත ජල ව්‍යාපෘතිය, රුපියල් මිලියන 18,208 ක පිරිවැයෙන් අවුරුදු 3 ක කාලය තුල සම්පුර්ණ කිරීමට නියමිතය. දිනකට ඝන මීටර් 60,000 ක ධාරිතාවයකින් යුත් මෙම ජල ව්‍යාපෘතියෙන් 2,85000 ක ජනතාවකට පිරිසිදු පානීය ජලය සැපයීමට හැකිවේ.

 
   
Write comment (0 Comments)

 

Write comment (0 Comments)