1939 Hotline
  1. Home
  2. /
  3. මධ්‍යම පළාත

මධ්‍යම පළාත

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අරමුණු, ප්‍රතිපත්ති, සේවා සහ වගකීම් වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව මහජනතාව වෙත ලබා දීමේ අරමුණ ඇතිව සමස්ථ ක්‍රියාකාරිත්වය විමධ්‍යගත කිරීමේ ආරම්භය සනිටුහන් කරමින්, මධ්‍යම ප්‍රාදේශිකයේ ආගමනය 1987 වසරේදී සිදුවිය. වර්ථමානයේ දී ප්‍රමුඛතම සහ අනගිභවනීයම ප්‍රාදේශීය සහාය සේවා මධ්‍යස්ථානයක් ලෙස, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මධ්‍යම) විසින් නායකත්වය සහ නියාමනය කරනු ලබන අතර, සංවර්ධන කටයුතු සහ ක්‍රියාත්මක හා නඩත්තු කටයුතු සදහා සහකාර සාමාන්‍යාධිකාරිවරුන් දෙදෙනෙකුගෙන් ද සමන්විත වේ.  

මධ්‍යම  ප්‍රාදේශීය සහාය සේවා මධ්‍යස්ථානය පරිපාලනමය වශයෙන් කළමණාකාර ප්‍රදේශ හතරකට එනම් මධ්‍යම දකුණ, මධ්‍යම උතුර, මධ්‍යම නැගෙනහිර සහ මාතලේ වශයෙන් වෙන්ව හදුනාගෙන වීශේෂිතව අනුයුක්ත කර ඇති ප්‍රාදේශීය කළමණාකවරුන් යටතේ පවතින ජලසම්පාදන ක්‍රමයන්ගේ ක්‍රියාකාරිත්වය සහ නඩත්තු කටයුතු වඩාත් විධිමත්ව සහ තිරසර අයුරින් ක්‍රියාත්මක කරනු ලබයි. මීට අමතරව හන්තාන සහ මහනුවර නාගරික අපජල පිරිපහදු මධ්‍යස්ථානයන්ගේ ක්‍රියාකාරිත්වය හා නඩත්තුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මධ්‍යමගේ සෘජු අධීක්ෂණය සහ මගපෙන්වීම මත ක්‍රියාත්මක වේ.

මධ්‍යම ප්‍රාදේශීය සහාය සේවා මධ්‍යස්ථානයේ ප්‍රධාන කාර්යයන් ලෙස,

  1. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපෘති සැලසුම් කිරීම හා නිර්මාණ කටයුතු සිදු කිරීම
  2. විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති සඳහා මූලික සැලැසුම් සකස්කිරීම
  3. දැනට ක්‍රියාත්මක වන ජලසම්පාදන ක්‍රමවල ක්‍රියාත්මක හා නඩත්තු කටයුතු සහ අවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුතු සිදු කිරීම
  4. ජල බිල්පත් නිකුත් කිරීම, ලබා දෙන සේවාවන් සදහා ගාස්තු සහ ආදායම් එකතු කිරීම
  5. පාරිභෝගික සේවා, පැමිණිලි, ගැටළු සහ අවශ්‍යතාවන් කඩිනමින් හා තිරසරව ඉටු කිරීම

මෙම ප්‍රාදේශීකයේ දෛනික ක්‍රියාකාරකම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මධ්‍යම) විසින් සිදු කරන අතර සමස්ත කටයුතුවල අධීක්ෂණය සහ ඊට අදාල ඉහළ කළමණාකාරීත්යේ මඟපෙන්වීම සදහා මහනුවර නාගරික අපජල පිරිපහදු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද අතිරේක සාමාන්‍යාධිකාරි (මධ්‍යම / වයඹ / සබරගමුව ) කාර්යාලය මඟින් මනාව සිදු කරනු ලබයි.

මධ්‍යම ප්‍රාදේශීකයේ මූලික අංශයන් මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ සංවිධාන ව්‍යුහයට වඩාත් යෝග්‍ය සහ ඊට අනුරූපීව ස්ථාපනය කරමින් රාජකාරීන්හී රේඛීය භාවය අරක්ෂාකිරීමටත් විවිධ අංශයන් අතර විධිමත් සන්නිවෙදනය ඇතිකර රාජකාරීන් ඉටුකිරීමේ ශක්‍යතාව වඩාත් ත්‍රිව්‍ර කර ඇත. ඒ සමගින් කාර්යයන් විමධ්‍යගතකිරීමේ අරමුණ ඵලදායිව සාක්ෂාත්කරගෙන ඇත.

අතිරේක සාමාන්‍යාධිකාරිතුමාගේ(මධ්‍යම/වයඹ/සබරගමුව)  සම්බන්ධීකරණයෙන් සියලු පුරවැසියන්ගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීම වෙනුවෙන් වෙනත් ප්‍රාදේශීය සහාය සේවා මධ්‍යස්ථානයන් විසින් කරනුලබන විවිධාකාර වු ඉල්ලීම සදහා ධනාත්මකව සහයෝගය ලබාදීම මෙම ප්‍රාදේශීකයේ සුවිශේෂත්වයකි. සාමූහික වගකීම් පෙරදැරීව සහයෝගීත්වයෙන් මණ්ඩලයේ සමස්ථ අරමුණු සහ ඉලක්ක වෙත ගමන්කිරීමේ ප්‍රතිමූර්තියක් ලෙස මධ්‍යම ප්‍රාදේශීය සහාය සේවා මධ්‍යස්ථානය කදිම උදාහරණයක් වේ.

 

මධ්‍යම ප්‍රාදේශීය සහාය සේවා මධ්‍යස්ථානය 

National Water Supply & Drainage Board
Regional Support Center (Central)
 
Dangolla Road, Gatambe, Peradeniya
Tel: 081-2388086
 
Additional General Manager 
Eng. W.G.C.L. Weerasekara
 

Tel: 081-2385962
Email: adgmdvwb@gmail.com
Email: adgmcnwsab@waterboard.lk

Deputy General Manager
Eng. K. Pratheepan
 
Tel/Fax: 081-2387149, 081-2388027
Email: dgmcentral2018@gmail.com
 
Assistant General Manager (Development)
Eng. I.C.B. Vithange
 
Tel/ Fax: 081-2384176, 081-2386667
Email: agmcentralwaterboardlk@gmail.com
Assistant General Manager (Operation & Maintenance)
Eng. N.M.A. Matheen
 
Tel/ Fax: 081-2081655, 081-2081655
Email: agmonmc@gmail.com