1939 Hotline

ඉංජිනේරු දීප්ති යු සුමනසේකර මහතා සභාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කරයි

  1. Home
  2. /
  3. පුවත්
  4. /
  5. ඉංජිනේරු දීප්ති යු සුමනසේකර...

ඉංජිනේරු දීප්ති යු සුමනසේකර මහතා සභාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කරයි

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභිනව සභාපතිවරයා ලෙස ඉංජිනේරු දීප්ති යු සුමනසේකර මහතා සුබ මොහොතින් රාජකාරී ආරම්භ කරයි.
ඔහු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකු ලෙස සිය රාජකාරි ජීවිතය ආරම්භ කොට දශක හතරකට ආසන්න කාලයක් විවිධ තනතුරු දරමින් සාමාන්යාධිකාරිවරයා ලෙස විශ්රාම ගියේය. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය 2025 වසරේදි අඩසියවසක අභිමානය සැමරීමට නියමිතය. ඒ අභිමානය ගෙවී ගිය අඩසියවසක් තුළ දහඩිය මහන්සියෙන් රැගෙන ආ කීර්තිමත් වෘත්තීයවේදියෙක් ලෙස එම අභිමානය ඉදිරියට රැගෙන යාමට අභිනව සභාපති ලෙස නැවත මෙසේ සැපමිණිම මණ්ඩලීය ප්රජාවගේ මහත් අමන්දානන්දයට හේතුවක් වී ඇත.