1939 Hotline
  1. Home
  2. /
  3. ප්‍රධාන අංශය
  4. /
  5. වානිජ අංශය

වාණිජ අංශයේ කාර්යය :

නව ජල සැපයුමක් ලබා දීමේ සිට මාසිකව මනු කියවීම් අනුව පදනම් වු පරිභෝජනය මත ගාස්තුවක් සහිත බිල්පතක් ලබා දීම, එම ජල  ගාස්තුව දින 30 ක් ඇතුලත අයකරගැනීමේ ක්‍රියාමාර්ග ගැනීම වාණිජ අංශයේ ප්‍රධාන කාර්යය වේ. ඒ හා බැඳුනු පාරිභෝගික අවශ්‍යතා ඉටුකර දීම සඳහා වන සුහදශීලි පාරිභෝගික සේවාවක් සැපයීම වාණිජ අංශයේ වගකීමකි.

මේ වන විට මණ්ඩලය මගින් ඍජුව සේවා සපයන පාරිභෝගික සංඛ්‍යාව මිලියන 3.1 ඉක්මවා ඇති අතර එය 2025 වසර අවසන් වන විට මිලියන 3.3 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය. සමස්ථ පාරිභෝගිකයින්ගෙන් 92% ක් ගෘහ පාරිභෝගිකයින් වන අතර 08% ක් ගෘහ නොවන පාරිභෝගිකයින් වේ. ගෘහ පාරිභෝගිකයන් ද ස්වභාවය  අනුව සාමාන්‍ය ගෘහ, නාගරික වතු ජනාවාස පදිංචිකරුවන්, රජයේ නිල නිවාස වශයෙන් අනු ප්‍රභේද වලට කොටස් කර ඇත. ගෘහ නොවන ප්‍රභේදයට වාණිජ ආයතන, රජයේ පාසල්, රජයේ කාර්යාල, හමුදා ස්ථාන,පොලිස් ස්ථාන,රෝහල්, ආගමික ස්ථාන ආදී වශයෙන් අනු ප්‍රභේද යටතේ වර්ග කර ඇත.

2024 වසරේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ මාර්ගගත බිල්කිරීමේ ක්‍රමවේදය 2025 ජනවාරි වන සිට සමස්ථ දිවයින පුරාම ව්‍යාප්ත කර ඇත. මේ යටතේ සාම්ප්‍රදායික බිල්පතක් නිකුත් කරනවා වෙනුවට කෙටි පණිවුඩයක් (SMS) මඟින් ඊ-බිල්පතක් (E- Billing) යැවිම මේ වන විට සාර්ථකව කරගෙන යනු ලැබේ.

පාරිභෝගිකයින්ට ජල බිල්පත් ගෙවීම් සඳහා පහසුකම් රාශියක් සලස්වා ඇති අතර මාර්ගගත ක්‍රමයට ගෙවීම් කිරීම දිරිගැන්වීම 2025 වසරේ මුලික ඉලක්කයන් ලෙස හඳුනාගෙන ඇත.

ගෙවීම් දිරිගැන්වීම සඳහා ජල බිල්පත ලැබී දින 14 ක් ඇතුලත ගෙවීම් කරන පාරිභෝගිකයින්ව 1.5% ක වට්ටමක් ලබා දීම මෙන්ම දින 30 ක් ඇතුලත ගෙවීම් නොකරන්නේ නම් 2.5% ක අධිභාරයක් මාසිකව බිලට එකතු කිරීම ද සිදුවේ. 

වාණිජ ක්‍රියාවලිය පිළිබඳ මහජන විශ්වාසය ජනිත වන පරිදි ඉහළම ප්‍රමිතියෙන් යුතු වාණිජ විසඳුම් පාරිභෝගිකයා වෙත ලබා දීම.
උපරිම පාරිභෝගික පහසුව සනාථ කෙරෙන පරිපුර්ණ සේවාවක් තුලින් වඩාත් නිවැරදි අයකිරීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම.

සංවිධාන ව්‍යුහය :

ඇමතුම් විස්තර

වාණිජ අංශය

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ප්‍රධාන කාර්යාලය, ගාළු පාර, රත්මලාන

 
දුර.අංක : 011-2635997
ෆැක්ස් : 011-2612568
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණීජ)(වැ.බ.)
ඒකනායක වීරසිංහ මහතා
 
දුර.අංක: 011-2623182
ෆැක්ස් : 011-2612568
ඊමේල් : dgmcomnwsdb@gmail.com
සහකාර සාමාන්‍යාධිකාරී ( බිල් කිරීම් )
ඩී.ඩබ්.එන්. සුරංජිත් මහතා
 
දුර.අංක: 011-2626533
ෆැක්ස් : 011-2612568
ඊමේල් : agmbilling@waterboard.lk
 
සහකාර සාමාන්‍යාධිකාරී (රැස් කිරීම්) (වැ.බ.)
ඒ.එම්.එම්. සමුද්‍රා කේ. අබේසිංහ මිය
 
දුර.අංක: 011-2623184
ෆැක්ස් : 011-2612568
ඊමේල් : agmrecoveries@waterboard.lk