ව ජල සම්බන්ධතාවයක් ලබාගන්නේ කෙසේද
අයදුම්පත බාගත කරන්න
මාර්ග ගත අයදුම්පත
අපජල සම්බන්ධතා අයදුම්පත්රය
ඔන්ලයින් ගෙවන්න
නිතර අසන ප්රශ්න
ව ජල සම්බන්ධතාවයක් ලබාගන්නේ කෙසේද
ජල සම්බන්ධතාව
- අයදුම්පත ආසන්නතම ජල සම්පාදන මණ්ඩලයේ කාර්යාලයකින් හෝ මාර්ගගත ක්රමයට බාගත කර ගත හැක.
- සම්පූර්ණ කරන ලද අයදුම්පත අදාල ලේඛන වල පිටපත් සමඟ ආසන්නතම ජල සම්පාදන මණ්ඩලයේ කාර්යාලයකට හෝ මාර්ගගත ක්රමයට යොමුකිරීම කල හැක.
- මිනුම් ගැනීමට සහ පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කිරීමට ඉංජිනේරු සහකාරවරයෙකු හෝ ස්ථානභාර නිලධාරියෙකු ඔබගේ පරිශ්රය පරීක්ෂා කරනු ඇත. ලැබෙන අයදුම්පත් ගණන අනුව මෙය උපරිම වශයෙන් දින 7ක් ගතවේ.
- නව සම්බන්ධතාවය ලබා දීම සඳහා මාර්ගය පලුදුකිරීමක් සිදුවිය යුතු නම් , අදාළ මාර්ග ප්රතිසංස්කරණ ගාස්තුවක් ගෙවිය යුතුය. පිරිවැය ඇස්තමේන්තුව සමඟ අදාළ අධිකාරියට ගෙවිය යුතු මුදල අයදුම්කරුට දන්වනු ලැබේ.
- මෙම අදියරේදී අයදුම්කරුට ගෙවීම් කළ හැකිය. ප්රාදේශීය ලේකම් කාර්යාලයට / මාර්ග සංවර්ධන අධිකාරියට අයදුම්කරු විසින් සෘජුවම ගෙවිය යුතුය. තවද අයදුම්කරු විසින් අදාල ජල සම්බන්දන ගාස්තු ජල සම්පාදන මණ්ඩලයේ කාර්යාලයට ගෙවීම් කල යුතුය. අදාල ගෙවීම් දෙකම (අදාළ වන විට) ජල සම්පාදන මණ්ඩලයේ කාර්යාලයට ඉදිර්පත් කල යුතුය.
- අයදුම්කරු ජල සම්පාදන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කරයි. (මෙම ගිවිසුම් ආකෘතිය පහත කොටසින් බැලිය හැක)
- ගෙවීම් කිරීමෙන් පසු උපරිම දින 4 ක් ඇතුළත ජල සැපයුම් සම්බන්ධතාවය ලබා දෙනු ලැබේ.
අයදුම්පත බාගත කරන්න
මාර්ග ගත අයදුම්පත
අපජල සම්බන්ධතා අයදුම්පත්රය
ඔන්ලයින් ගෙවන්න
නිතර අසන ප්රශ්න