නව රජය යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අයත් වන්නේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයටය. එහි විෂයභාර අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා 2024 දෙසැම්බර් 05 වන දින ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට පැමිණ මණ්ඩලයේ ඉදිරි කටයුතු හා වත්මන් තත්ත්වය පිළිබඳ කථිකාවතක නියැලූණේය. මෙහිදී මණ්ඩලයේ සභාපති දීප්ති සුමනසේකර මහතා විසින් මණ්ඩලය පනස් වසරකට ආසන්න කාලයක් අත්කරගෙන තිබෙන ප්‍රගතිය හා ප්රශස්ත සේවාව පිළිබඳ ඉතා සැකවින් පැහැදිළි කළේය.
දිවයිනේ පානීය නළ ජල ආවරණය, මණ්ඩලයේ මූල්‍යමය ස්වභාවය, ඉදිවෙමින් පවතින ව්‍යාපෘති හා යෝජිත සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාගේ දැඩි අවධානයට යොමු විය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කර සිටියේ, ජලය මිනිස් අයිතිවාසිකමක් බවත්, ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට රජය බැඳී සිටින බවත්, ඒ සඳහා වන වගකීම ඉෂ්ට කිරීමට බැඳී ඇති ආයතන මෙය බවත්ය. ජනතාවට හොඳ සේවාවක් ලබාදීමට අපේක්ෂිත ඉලක්ක කරා යාමට හා මණ්ඩලයේ අනාගත ප්‍රගතියට අවශ්‍ය සෑම පියවරකදීම උපරිම සහාය ද ගැටලූ නිරාකරණය කරගැනීමට අවශ්‍ය පසුබිමද සලසා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටියේය. නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු දීප්ති සුමනසේකර, සාමාන්‍යාධිකාරී ඉංජිනේරු භාරතීදාසන් මහත්වරුන් ඇතුලූ අමාත්‍යාංශයේ නිළධාරීන් හා මණ්ඩලයේ ඉහල කළමණාකාරිත්වය, අතිරේක සාමාන්‍යාධිකාරීවරුන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් ඇතුලූ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.