හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩි.වි චානක මැතිතුමා විසින් 2025.02.06 වෙනි දින පාර්ලිමේන්තුවේදි ජලය පිරිපහදු කිරිමට ලබාගන්නා රසායනික ද්‍රව්‍ය පිළිබඳව කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් ගරු විෂයභාර නාගරික සංවර්ධන නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය ගරු අනුර කරුණාතිලක මහතා විසින් ලබාදෙන පිළිතුරු ප‍්‍රකාශයයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට පරිභෝජනය කිරිම සදහා පිරිපහදු කොට ලබාදෙන ජලය ලබාගන්නේ ඇල දොළ ගංඟා යනාදි ජල ප‍්‍රභවයන් මගිනි. එසේ ලබාගන්නා ජලය සෞඛ්‍යාරක්ෂිත ජලය බවට පරිවර්තනය කිරිමේදි භාවිතා කරන ඇලම් (අලූමිනිියම් සල්පේට්) පිළිස්සුණු හුණු (Hydrated Lime), ක්ලෝරීන් යනාදි රසායනික ද්‍ර‍්‍රව්‍ය භාවිතා කරනු ලබයි.
එසේම අවශ්‍යතාවය අනුව ඇතැම් අවස්ථාවලදී රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරිම සඳහා සකි‍්‍රයායිත කාබන් පෙරහන් භාවිතා කරන අතර අවශ්‍ය යයි හදුනාගත් පවිත‍්‍රාගාර සඳහා ඉදිරියේදි සක්‍රියායිත කාබන් පෙරහන් භාවිතා කිරිමට අපේක්ෂා කරනු ලබයි.
ඉහත සදහන් පිළිස්සුනු හුණු ඇතුළු සියලූ රසායනික ද්‍රව්‍යයන් මිළදී ගැනීම සඳහා වර්තමාන විද්‍යාත්මක දත්ත මත පදනම්ව ලෝකයේ පිලිගත් ප‍්‍රමිතීන්ට අනුව සෞඛ්‍යාරක්ෂිත බව අරක්ෂා වන පරිදි සකස් කරන ලද පිරිවිතරයන් භාවිතා කරමින් තරගකාරි පදනම මත ලංසු කැදවා සැපයුම්කරු තෝරා ගැනීම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මහණ්ඩලයේ පිළිවෙතයි.
ඒ අනුව සැපයුම්කරු තෝරාගත් පසු සපයන ලද රසායනික ද්‍රව්‍ය නැවත පිළිගත් රසායනාගාර පරික්ෂාවකින් පසුව ජල පවිති‍්‍රකරණ කටයුතු සඳහා භාවිතා කරනු ලබයි. එසේම මෙම පරික්ෂණ සැපයුම්කරුවන් පිළිනොගන්නා අවස්ථාවලදී ස්වාධීන බාහිර පරීක්ෂණාගාර පරික්ෂණයකට භාජනය කරනු ලැබිමද සිදු කරනු ලබයි. යම් හෙයකින් මෙවැනි රසායානාගාර පරික්ෂාවකින් අනතුරුව පිළිගත් සෞඛ්‍යාරක්ෂිත ප‍්‍රමීතීන්ට අනුකූල නොවන අවස්ථාවලදී එම ද්‍රව්‍ය ප‍්‍රතික්ෂේපකර ඒ සඳහා සෞඛ්‍යාරක්ෂිත ප‍්‍රමිතීන්ට අනුකූල රසායන ද්‍රව්‍ය අදාල සැපයුම්කරුගෙන්ම මණ්ඩලයට අතිරේක වියදමකින් තොරව ලබාගැනීමට කටයුතු කිරිම මණ්ඩලයේ ක‍්‍රමවේදයයි.
තවද අන්තර් ජාතික තත්ත්ව සහතිකයෙන් (ISO 17025 for Laboratory Accreditation) පිදුම් ලැබු රසායනාගාරද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සතු බව පාරිභෝගික ජනතාවට ඉතා නිහතමානිව ප‍්‍රකාශ කර සිටිමු. උක්ත පාර්ලිිමේන්තුවේදි සිදුකරන ලද ප‍්‍රකාශයට අනුව එම රසායනික ද්‍රව්‍ය මිළදී ගෙන නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය රසායනාගාර පරික්ෂණ සිදුකරමින් පවතින බව වගකීමෙන් යුතුව දැනුම් දීමට කැමැත්තෙමු. සෞඛ්‍ය සම්මන්න ජාතියක් බිහිකිරිම සඳහා කැපවි සිටින ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සෞඛ්‍යයට හානිවන කිසිදු ද්‍රව්‍යයක් මිළදී නොගත් බවත් ඉදිරියට ද එසේ නොකරන බවට සහතික වන අතර මණ්ඩලය විසින් විශාල පිරිවැයක් දරා සපයන ජලය පිළිබඳ කිසිදු අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කාරුණිකව දන්වා සිටිමි.