1939 Hotline

2025 ලෝක ජල දින චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින්

  1. Home
  2. /
  3. පුවත්
  4. /
  5. 2025 ලෝක ජල දින...

2025 ලෝක ජල දින චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින්

2025 ලෝක ජල දිනය නිමිති කොටගෙන ජලය හා ශිෂ්‍ය ප්‍රජාව අතර සබැඳියාව වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ දීප ව්‍යාප්ත අන්තර් පාඨශාලයීය චිත්‍ර තරගාවලිය සඳහා දිවයින පුරා විහිදී සිටින පාසල් දරු දැරියන් චිත්‍ර විශාල ප්‍රමාණයක්  අප වෙත යොමු කර තිබුණි. එම තරගාවලිය සඳහා ඉදිරිපත් වූ පාසල් චිත්‍ර ශිල්පීන් අතරින් ජයග්‍රාහකයින් තෝරා ගැනීම සෞන්දර්ය විශ්ව විද්‍යාලයීය ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මඩුල්ලකගේ සහභාගීත්වයෙන් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි. එම අවස්ථාවට ආයතනයේ ඉහළ කළමණාකාරීත්වය ද සහභාගී විය.

ජලය හා සනීපාරක්ෂාව, ජලය හා මානව ධර්මතා, ජල සංරක්ෂණය, ජලය හා සාරධර්ම යන තේමාවන් පදනම් කරගනිමින් මෙම තරගාවලිය පැවැත්විනි. එහි පරමාර්ථය වූයේ ජලය පිළිබඳව දැයේ දූ දරුවන් තුළ යහපත් ආකල්ප හා සිතුවිලි ජනිත කිරීමය.

මෙම චිත්‍ර තරගාවලිය ප්‍රාථමික, කණිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ යන අංශ වල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමු.


ප්‍රාථමික අංශය - ජයග්‍රාහකයින්

ප්‍රාථමික අංශය - විශේෂ කුසලතා ජයග්‍රාහකයින්

ප්‍රාථමික අංශය - කුසලතා ජයග්‍රාහකයින්


කණිෂ්ඨ අංශය - ජයග්‍රාහකයින්

කණිෂ්ඨ අංශය - කුසලතා ජයග්‍රාහකයින්


ජ්‍යෙෂ්ඨ අංශය - ජයග්‍රාහකයින්

ජ්‍යෙෂ්ඨ අංශය - විශේෂ කුසලතා ජයග්‍රාහකයින්

ජ්‍යෙෂ්ඨ අංශය - කුසලතා ජයග්‍රාහකයින්