1939 Hotline

විදුලි ගාස්තු සංශෝධනයට සාපේක්ෂව පානීය ජලය නිශ්පාදන පිරිවැය

  1. Home
  2. /
  3. පුවත්
  4. /
  5. විදුලි ගාස්තු සංශෝධනයට සාපේක්ෂව...

විදුලි ගාස්තු සංශෝධනයට සාපේක්ෂව පානීය ජලය නිශ්පාදන පිරිවැය

ශ්‍රී ලංකා රජයේ 2023 ප්‍රතිපත්තියට අනුව ජනතාව වෙත ලබාදෙන සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සඳහා මිල නියම වන්නේ නිශ්පාදන පිරිවැය ආවරණය කර ගැනීමේ පදනම මතය. ඒ අනුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පානීය ජල ඒකකයක් නිශ්පාදනය සඳහා වන මුළු පිරිවැය ආවරණය වන ලෙස ජල ගාස්තු සංශෝධනය සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සැලසුම් කොට ඇති බැවින් 2024.07.16 වන දින සිට ලංකා විදුලි බල මණ්ඩලයේ ගාස්තු සංශෝධනයට සාපේක්ෂව පාරිභෝගික ජනතාව සඳහා එම ප්‍රතිලාභය ලබා දීමට ඇති හැකියාව පිළිබඳව විස්තරාත්මක අධ්‍යනයක් සිදු කරමින් පවතී. එම තොරතුරු වලට අනුව අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් පසුව නව ජල ගාස්තු සංශෝධනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව කාරුණිකව දැනුම් දෙමු.